Sunday, 28 June 2009

තමන්ගේම නමින් සර්ච් පේජ් එකක්......!



ආසද? එහෙනම් යන්න http://www.the-page.net
ඊට පස්සේ තමන්ගේ කැමති නම දීලා ඹ්කේ කරන්න. ඊට පස්සේ එන පේජ් එක තමන්ගේ හෝම් පේජ් ලෙස සකසාගන්න. වෙනසක් නේද හැමදාම Google ලෙස දකිනවාට වඩා?.........

Monday, 22 December 2008

ආප්ප, බිත්තර ආප්ප, පැණි ආප්ප කා පිළිම නෙළීම


ඉහත මාතෘකාව දුටු පමණින් ඔබට සිනහ පහලවන්නට ඇත. මේ මොන විකාරයක්දැයි ඇසීමට කට හදා ගත්තා විය හැක. එහෙත් මෙය කියවා බලන්න.
අප ගමන් ගන්නා සෑම තැනකම පාහේ යමි හෝටලයක හෝ අවන්හලක දක්නට ඇති පොදු දර්ශනයක්නම් ඉතා ලස්සන වටකුරු සුදු පැහැ ආප්ප, බිත්තර ආප්ප, පැණි ආප්ප තරගයට මෙන් අසුරා තිබීමයි.
අපද ඉතා ආසාවෙන් ආප්ප, බිත්තර ආප්ප, පැණි ආප්ප තරගයට මෙන් අනුභව කරන අතර (බොහෝ දුරට ආප්පයකින් බාගයක්වත් කුඩු බවට පත්වී වැටීම වෙනම කථාවකි) ගෙදර හදන ආප්පවල නැති එහෙත් කඩයප්පම් වල ඇති රුව ගුණද (පැහැය, හැඩය) වර්ණනා කරන්නෙමු.
එහෙත් මේ රුව පිටුපස ඇති රහස දන්නෝ ආප්ප බාස්ලා ලෙස හදුන්වනු ලබන ආහාර සකසන්නෝම පමණි.
එනම් ආප්පවල ඇති මෙම ඇස් පිනවන ගතියට හේතුව එම බාස්ලා විසින් ආප්ප මිශ්‍රණයට එක් කරන (අළුත් සොයා ගැනීම) අප කවුරුත් දන්නා Plaster of Paris(POP) නම් සාමාන්‍යයෙන් කුඩා පිළිම නෙළීමට භාවිතා කරන ද්‍රව්‍යය එක් කිරීම බව ඔබ දැනගෙන සිටියාද?
ප්ලාස්ටර් ඔෆ් පැරිස් ගැන තොරතුරු ටිකක්
රසායනික නාමය :- calcium sulfate hemihydrate
රසායනික සංයෝගය:- CaSO4·0.5H2O
නිෂ්පාදනය:- ජිප්සම් නම් සංයෝගය සෙන්ටිග්‍රේඩ් අංශක 150 ට රත්කිරීම මගින් නිපදවා ගනී.
2 CaSO4·2H2O → 2 CaSO4·0.5H2O + 3 H2O (released as steam).

භාවිතය :- නිර්මාණ හා ගෘහ නිර්මාණ කටයුතුවලට, වෛද්‍ය විද්‍යාවේදී භග්න වූ අස්ථි වලට ප්‍රතිකාර කිරීමේදී ආධාරකයක් ලෙස. ( ලංකාවේ ආප්ප සෑදීමට)

Tuesday, 16 December 2008

ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිටෙන් පාරිභෝගිකයා සුරැකේ

මෙි දිනවල මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති හෙජින් ගිවිසුම සම්බන්ධව බොහෝ විට 17 දා වන විට ජනතාවට වාසිදායක තීන්දුවක් ලැබෙනු ඇතැයි මම සිතමි. මෙන්න එහෙනම් හැමෝටම comments දානවට අමතරව කරන්න පුංචි survey එකක්.

මේ සටහන මා මුළුමනින්ම උබුන්ටූ මත සිට කරන පළමු සටහන බවද මතක් කර සිටිනුයේ ඉමහත් සතුටකිනි.

Thursday, 11 December 2008

වින්ඩෝස් XP වල සිට උබුන්ටු වෙත යාමෙන් .....?

මා මෙතෙක් දිනක් භාවිතා කළේ වින්ඩෝස් එක්ස්.පී. මා තුළ ලිනක්ස් හා ඒ හා සමාන පද්ධති කෙරේ තිබූ අනියත බිය නැති කිරීමේ ප්‍රණාමය සිංහල බ්ලොග් සංසදයේ ඔබ සැම සතුයි.
ආ.. තවත් ස්තූතියක් තියෙනවා ඒ SLT Broadband වලට.
ඉදින් මා මුලින්ම ubuntu 8.10 පැකේජය පැය කීපයක මහන්සියෙන් ලබාගෙන මුලින්ම ලයිව් සීඩී එක සකසා ගෙන පොඩි අත්හදා බැලීමක් කළා.
දුටු පමණින් හිත ඇදී ගිය නිසාවෙන්ම ස්ථාපනය කරගත්තා වෙනම පාටිෂන් එකක.
පළමු ගැටළුව වුනේ adsl modem එක ස්ථාපනය. යන්තමින් අන්තර්ජාලයේ ම පිහිටෙන් ඒකෙන් ගොඩ ගියා.
ඊ ලගට වීඩියෝ හා mp3 ධාවනය ඒකත් හරි. දැනට ඉතිරි ගැටළු විසදා ගැනීම සදහා සහය අවශ්‍යයි.
1 කොහොමද සිංහල යුනිකෝඩ් නිවැරදිව ඉන්ස්ටෝල් කරගන්නේ? සිංහල තිබුනාට හරියට ලින්ක් වෙන්නේ නැහැ.
2 කී බෝඩි ටයිපිං ලැන්ග්වේජ් මාරු කරන ෂෝට් කටි තිබේද? මොනවාද?
3 මගේ පරණ ලංකාබෙල් සීඩීඑම්ඒ දුරකථනය(මෝඩමය ) නිවැරදිව ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද? ඩයල් අප් එක සකසා ගන්නේ කෙසේද?

සරලව කියා දෙන්න.. මොකද මම උබුන්ටූ වල pre school level