Thursday 11 December 2008

වින්ඩෝස් XP වල සිට උබුන්ටු වෙත යාමෙන් .....?

මා මෙතෙක් දිනක් භාවිතා කළේ වින්ඩෝස් එක්ස්.පී. මා තුළ ලිනක්ස් හා ඒ හා සමාන පද්ධති කෙරේ තිබූ අනියත බිය නැති කිරීමේ ප්‍රණාමය සිංහල බ්ලොග් සංසදයේ ඔබ සැම සතුයි.
ආ.. තවත් ස්තූතියක් තියෙනවා ඒ SLT Broadband වලට.
ඉදින් මා මුලින්ම ubuntu 8.10 පැකේජය පැය කීපයක මහන්සියෙන් ලබාගෙන මුලින්ම ලයිව් සීඩී එක සකසා ගෙන පොඩි අත්හදා බැලීමක් කළා.
දුටු පමණින් හිත ඇදී ගිය නිසාවෙන්ම ස්ථාපනය කරගත්තා වෙනම පාටිෂන් එකක.
පළමු ගැටළුව වුනේ adsl modem එක ස්ථාපනය. යන්තමින් අන්තර්ජාලයේ ම පිහිටෙන් ඒකෙන් ගොඩ ගියා.
ඊ ලගට වීඩියෝ හා mp3 ධාවනය ඒකත් හරි. දැනට ඉතිරි ගැටළු විසදා ගැනීම සදහා සහය අවශ්‍යයි.
1 කොහොමද සිංහල යුනිකෝඩ් නිවැරදිව ඉන්ස්ටෝල් කරගන්නේ? සිංහල තිබුනාට හරියට ලින්ක් වෙන්නේ නැහැ.
2 කී බෝඩි ටයිපිං ලැන්ග්වේජ් මාරු කරන ෂෝට් කටි තිබේද? මොනවාද?
3 මගේ පරණ ලංකාබෙල් සීඩීඑම්ඒ දුරකථනය(මෝඩමය ) නිවැරදිව ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද? ඩයල් අප් එක සකසා ගන්නේ කෙසේද?

සරලව කියා දෙන්න.. මොකද මම උබුන්ටූ වල pre school level

3 අදහස් උදහස්:

Anonymous said...

සිංහල දාගන්න විස්තර මෙතන: http://sinhala.sourceforge.net

මේකෙ තියෙන විදියට දැම්මම SCIM ස්ථාපනය වෙනවා. ඒක දැම්මම පුළුවන් ctrl+space වගේ එකකින් යතුරුපුවරුව මාරු කරන්න.

දුරකථන‍ය Huawei එකක් නම් මෙතැන තියෙනවා දාන විදිය: http://kalpapathum.blogspot.com/2007/03/suntel-and-lanka-bell-cdma-phones.html

තුෂාර ජයරත්න. said...

@මලින්ත සමරකෝන්,
උත්සහ කර බලන්නම්. ස්තූතියි!

Anonymous said...

තුෂාර, ADSL modem එක ස්ථාපනය කරන්න යොදාගත්ත software එක මොකක්‌ද? Modem එක Prolink ද?