Friday 31 December 2010

SLT ADSL වලින් අවුරුදු තෑගි..!(වේගය ඩබල්)



SLT කට්ටිය ඔන්න 2011 ජනවාරි පළමුවැනිදා ඉදලා ADSL භාවිතා කරන අයට පොඩි වාසි ටිකක් දීලා තියෙනවා. මෙන්න වාසි.
  1. ENTREE පැකේජ සදහා ‍
  • වේගය ඩබල් 512Kbps සිට 1Mbps දක්වා වැඩිකරලා,
  • ෆ්‍රී යූසේජ් 50%කින් ඉහලට 1 GB සිට 1.5 GBදක්වා වැඩි කරලා,
  • අමතර යූසේජ් වල ගාස්තු 30% කින් පහලට ශත 50 සිට ශත 35 දක්වා අඩුකරලා,
  1. Home Plus පැකේජ සදහා
  • 25% කින් ගාස්තු පහලට රු. 2000/= සිට රු.1500/= දක්වැ අඩු කරලා,
  • 14% භාවිතය ඉහලට 7GB සිට 8 GBදක්වා වැඩි කරලා,
  • අමතර යූසේජ් වල ගාස්තු 30% කින් පහලට ශත 50 සිට ශත 35 දක්වා අඩුකරලා,
සාමාන්‍ය පාරිභෝගිකයන්ට වැදගත් වෙන්නේ මේ පැකේජ නිසා මේ දෙක ගැන විතරක් විස්තර ලිව්වට අනෙකුත් ව්‍යාපාරික වගේ පැකේජ වලත් වාසි දීලා තියෙනවා. ඒ ගැනත් මෙහි සදහන් දේවල වැඩි විස්තරත් මෙතැනින් බලාගන්න. SLT WEB & More Details

Monday 1 November 2010

ටෙලිකොම් ADSL අළුත්ම පැකේජ

SLT අය කලින් තිබුනු ADSL පැකේජත් එක්කම පුංචි වෙනස්කම් කීපයකුත් එක්ක අළුත් පැකේජයන් කීපයකුත් හදුන්වා දීලා තියෙනවා. වැඩි විස්තර මෙතනින් බලා ගන්න. ඒවා Familly ,Flat Rate, Express ලෙස කාණ්ඩ කර තිබෙන අතර Express පැකේජයන් වලට සීමාවන් පනවා තිබේ.

Monday 10 May 2010

Norton Internet Security 2010 දින 60කට නොමිලේ ලබා ගන්න

මගේ Kaspersky IS 2009 expire වෙන්න තව දවස් කීපයක් නිසා ත් මේ දවස්වල අතමිට ටිකක් අමාරු නිසාත් කල්පනා කලා මොකද මගේ කොම්පියුටරේ ආරක්ෂාවට කරන්නේ කියලා. මොකද මගේ ඹෆීස් කොම්පියුටර් වලට ගහන පෙන් වල දාහක් වෛරස් මගේ එකට එන මග අවහිර කරන්නම එපායැ.Avaast, AVG වගේ ෆ්‍රී එකක් දාන්නත් කල්පනා කලා. ඒත් මගේ හිත ටිකක් බයයි ඒවා ෆ්‍රී වර්ෂන් නිසා පූර්ණ ආරක්ෂාවක් නැති වෙයි කියලා.
ඹහොම ඉන්නකොට තමයි මේ චාන්ස් එක වැදුනේ Norton Internet Security 2010 දින 60ක කාලයකට ෆ්‍රී .
දින 60ක් වෙනකොට මට රෙජිස්ටර් ඇන්ටි වෛරස් එකක් ගන්න පුළුවන් වේවි එතකම් මෙක ලොකු දෙයක්.

ඔයාලටත් ඕනනම් මෙන්න ලින්ක් එක Norton Internet Security 2010.

ඒ එක්කම වඩා හොද ඇන්ටි වෛරස් වැඩසටහන මොකක්ද කියලා ඔයගොල්ලන්ගේ අදහසුත් දාලා යන්න අමතක කරන්න එපා.

Wednesday 28 April 2010

Kaspersky Internet security 2009 වසර 7කට ලයිසන් දෙයි


පිස්සු හැදෙනවා මේවට. වෛරස්, ස්පයිවෙයා, ට්‍රොජන්ස්, නෙට්වර්ක් ඇටැක් මෙකී නොකී බහුබූත සේරගෙන්ම බේරෙන්න හිතාගෙන ගත්තා Kaspersky Internet security 2009 3User for 1Year. ගත්තේ 2009/මැයි මාසෙ දැන් ලයිසන් එක කල් ඉකුත් වෙන්න ලග නිසා බැලුවා ලයිසන් එක. පැණි වරකා ගහටත් හෙන ගැහැව්වලු Expire Date 20/05/2010 තව දවස් තියෙනවළු 2330ක්. ඒ කියන්නේ තව වසර 6.38 ක්. භාවිත කල කාළයත් සමග බැළුවොත් වසර 7කටත් වැඩියි. පින්තූරය බලන්න.

කොච්චර ප්‍රසිද්ධ සොෆ්ට් වෙයා වුනත් මේ වගේ විහිළු බග්ස් තියෙනවද කියලා බලන්නකෝ. ඉතින් අපට අපගේ කොම්පියුටර් වලට දෙය්යන්ගේම පිහිටයි. ඔබගේද අදහස් දක්වන්න.