Friday 5 December 2008

වර්ෂ 2011 ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාවට

ලෝකයේ පොහොසත්ම ක්‍රිකට් පාලක මණ්ඩලය වන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තම මුදල් බලය යොදවා දැන්මම වර්ෂ 2011 ක්‍රිනට් ලෝක කුසලානය ඉන්දියාවට ලබා ගැනීමේ සූක්ෂ්ම සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති අතර එයට ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන සෑම රටක්ම පාහේ හසුවී ඇති බවත් පෙනී යයි.

උපක්‍රම අංක 01:- පෙරලිකාර තරගාවලියක් ලෙස හුවා දක්වමින් ICL නම් අත යට ගේමක් ගසා ප්‍රබල කණ්ඩායම් දෙකඩ කිරීම සහ කණ්ඩායම් වල ජ්‍යෙෂ්ඨයින් බිලි බා ගෙන Game Tricks උකහා ගැනීම.

උපක්‍රම අංක 02:- IPL නම් නීත්‍යාණුකූල තරගාවලියක් ලෙස පෙන්වා මුදල් මගින් ලෝකයේ සෑම රටකම අති දක්ෂයින් සියල්ලම ඉන්දීය තණතිලි මතදී හැසිරීම නිරාවරණය කර ගැනීම. මෙයිත් අත්කරගත හැකි වාසිනම්

01. සියලුම ඉන්දීය තරුණ ක්‍රීඩකයන්ට ලබා දිය හැකි උපරිම අත්දැකීම් ප්‍රමාණය ලබාදීම .

02. ලෝකයේ සෑම ප්‍රබල ක්‍රීඩකයෙකුගේම දුර්වල ස්ථාන අධ්‍යනය කිරීම.

03. එකම රටේ ක්‍රීඩකයින් කණ්ඩායම් වලට බෙදා ඔවුනොවුන්ගේ ප්‍රබලතා සහ දුබලතා අණාවරණය කර ගැනීම.

ඉදින් 2011 ලෝක කුසලානය කාටද?