Friday, 31 December 2010

SLT ADSL වලින් අවුරුදු තෑගි..!(වේගය ඩබල්)



SLT කට්ටිය ඔන්න 2011 ජනවාරි පළමුවැනිදා ඉදලා ADSL භාවිතා කරන අයට පොඩි වාසි ටිකක් දීලා තියෙනවා. මෙන්න වාසි.
  1. ENTREE පැකේජ සදහා ‍
  • වේගය ඩබල් 512Kbps සිට 1Mbps දක්වා වැඩිකරලා,
  • ෆ්‍රී යූසේජ් 50%කින් ඉහලට 1 GB සිට 1.5 GBදක්වා වැඩි කරලා,
  • අමතර යූසේජ් වල ගාස්තු 30% කින් පහලට ශත 50 සිට ශත 35 දක්වා අඩුකරලා,
  1. Home Plus පැකේජ සදහා
  • 25% කින් ගාස්තු පහලට රු. 2000/= සිට රු.1500/= දක්වැ අඩු කරලා,
  • 14% භාවිතය ඉහලට 7GB සිට 8 GBදක්වා වැඩි කරලා,
  • අමතර යූසේජ් වල ගාස්තු 30% කින් පහලට ශත 50 සිට ශත 35 දක්වා අඩුකරලා,
සාමාන්‍ය පාරිභෝගිකයන්ට වැදගත් වෙන්නේ මේ පැකේජ නිසා මේ දෙක ගැන විතරක් විස්තර ලිව්වට අනෙකුත් ව්‍යාපාරික වගේ පැකේජ වලත් වාසි දීලා තියෙනවා. ඒ ගැනත් මෙහි සදහන් දේවල වැඩි විස්තරත් මෙතැනින් බලාගන්න. SLT WEB & More Details