ඉහත මාතෘකාව දුටු පමණින් ඔබට සිනහ පහලවන්නට ඇත. මේ මොන විකාරයක්දැයි ඇසීමට කට හදා ගත්තා විය හැක. එහෙත් මෙය කියවා බලන්න.
අප ගමන් ගන්නා සෑම තැනකම පාහේ යමි හෝටලයක හෝ අවන්හලක දක්නට ඇති පොදු දර්ශනයක්නම් ඉතා ලස්සන වටකුරු සුදු පැහැ ආප්ප, බිත්තර ආප්ප, පැණි ආප්ප තරගයට මෙන් අසුරා තිබීමයි.
අපද ඉතා ආසාවෙන් ආප්ප, බිත්තර ආප්ප, පැණි ආප්ප තරගයට මෙන් අනුභව කරන අතර (බොහෝ දුරට ආප්පයකින් බාගයක්වත් කුඩු බවට පත්වී වැටීම වෙනම කථාවකි) ගෙදර හදන ආප්පවල නැති එහෙත් කඩයප්පම් වල ඇති රුව ගුණද (පැහැය, හැඩය) වර්ණනා කරන්නෙමු.
එහෙත් මේ රුව පිටුපස ඇති රහස දන්නෝ ආප්ප බාස්ලා ලෙස හදුන්වනු ලබන ආහාර සකසන්නෝම පමණි.
එනම් ආප්පවල ඇති මෙම ඇස් පිනවන ගතියට හේතුව එම බාස්ලා විසින් ආප්ප මිශ්‍රණයට එක් කරන (අළුත් සොයා ගැනීම) අප කවුරුත් දන්නා Plaster of Paris(POP) නම් සාමාන්‍යයෙන් කුඩා පිළිම නෙළීමට භාවිතා කරන ද්‍රව්‍යය එක් කිරීම බව ඔබ දැනගෙන සිටියාද?
ප්ලාස්ටර් ඔෆ් පැරිස් ගැන තොරතුරු ටිකක්
රසායනික නාමය :- calcium sulfate hemihydrate
රසායනික සංයෝගය:- CaSO4·0.5H2O
නිෂ්පාදනය:- ජිප්සම් නම් සංයෝගය සෙන්ටිග්‍රේඩ් අංශක 150 ට රත්කිරීම මගින් නිපදවා ගනී.
2 CaSO4·2H2O → 2 CaSO4·0.5H2O + 3 H2O (released as steam).
භාවිතය :- නිර්මාණ හා ගෘහ නිර්මාණ කටයුතුවලට, වෛද්‍ය විද්‍යාවේදී භග්න වූ අස්ථි වලට ප්‍රතිකාර කිරීමේදී ආධාරකයක් ලෙස. ( ලංකාවේ ආප්ප සෑදීමට)
Monday, 22 December 2008
ආප්ප, බිත්තර ආප්ප, පැණි ආප්ප කා පිළිම නෙළීම
Subscribe to:
Post Comments (Atom)
9 අදහස් උදහස්:
ඔබට මේ චෝදනාව නැගීමට සහ එය ඔප්පු කිරීමට සත්‍ය කරුණු ඇත්ද?
එසේ ඇත්නම් පමණක් සෞඛ්‍ය අමාත්‍යාංශයට වහාම දැන්විය යුතුයි.
අයියෝ මෙකේ මොනා ඔප්පු කරන්නද මේක හැමොම දන්න ප්‍රසිද්ධ රහසක්නේ. මේවා කාල අපිටත් පිලිම වගේ ඉන්න පුළුවන් ෂෝක් එකට
ඔව් ඔව් ගෙදර හදන ආප්පවල වාටි ලේන්සු වගේ නැවෙනවානෙ.. ගමේ ගියාම ගේන ආප්පත් ඒ වගේ..ඒව හරිම රහයි..කඩේ ඒවා නම් පතුරු වගේ.. මමත් ඒ කතාව අහල තියෙනවා..වාටි හයිවෙන්න දානවා කියලා
ඔව් මේ ගැන බොහෝ දෙනා කියනවා. නමුත් අල්ලගන්න බැරි එක නොවැ වැඩේ. ඔය හෝටල් කෑම ගැන ඔය වගේ දේවල් බොහෝ දෙනා කියනවා. රසකාරක, වර්ණක මෙන්ම මාලු කල් තබා ගැනීමට කෙසෙල්, ගස්ලබු ඉදවීමට නොයෙකුත් රසායනික දේ භාවිත කරන බැව් කියවෙනවා. මා කියන්නම් මට වුනු දෙයක්. මගේ සොඳුරිය දෙවනි දියණිය බිහි කළ අවදීයේ පොලොස් ගැනුමට ගිය කල ගෙඩියක් සොයා ගැන්මට නොවිනි. එහෙයින් කෑලි කැපූ පොලොස් කැබැලි යම් ප්‍රමාණයක් කිරා මිලදී ගතිමි. එය ගැනුමේදී එය විකුනන්නා අමුතු දෙයක් කීවේය. "මහත්තයා ඕකට වැඩිය ඇඹුල් දාන්න එපා" මා ඒ ගැන ඔහුගෙන් විමසුවද ඔහු කීවේ "කොහොමත් ඕක ටිකක් ඇඹුල්" කියාය. ඇත්තෙන්ම එය පිසූ පසු කටේ තැබිය නොහැකි තරම් ඇඹුල් විය. පසුව සොයා බැලීමේදී මට දැන ගන්නට ලැබුණේ පොලොස් කැපූ පසු කහට පිපීම වලක්වා නැවුම් පෙනුම රැක ගැනුමට ඔවුන් ඒවා යම් රසායනික දියරයක දමා ගන්නා බවකි. දැන් දැන් කෑම මිළදී ගැන්මේදී මහත් පරිස්සම් විය යුතුය.
මමත් මේ කථාව අහලා තියනවා. ඒත් අපි කොහොමද අදුන ගන්නේ?
@all,
ඇත්තටම මෙය සිදුවන දෙයක්.. මා මෙය කීප විටක්ම අසා තිබුනත් මෙය සත්‍යයක් බව පසක් කර ගැනීමට හෝටල් හතර පහකම වේටරවරුන් සහ කෑම සාදන්නන් මිතුරු කරගන්න සෑහෙන කාළයක් සහ යම් මුදල් ප්‍රමාණයක් පවා යට කළා. ඉන් අනතුරුව මේ ගැන දන්වා අපේ ජනහිතකාමී පුවත්පත් කීපයකටම පාඨක අදහස් තීරු වලට ලිපි කීපයක් යොමු කළත් ඒවා අපේ අවාසනාවට පළ වූයේ නැහැ. ඉන් ටික කලකට පසුයි මට සිතුනේ මාගේ බ්ලොග් එක තියෙන නිසා කීප දෙනෙක්වත් මෙයින් දැනුවත් කළ යුතුයි කියා.
මේක මේ අර ඔස්ටියෝපොරෝසියස් ද මොකක්ද මන්දා ලෙඩේටනම් ( අස්ථි කුඩු වෙන ලෙඩේ ) හොඳ ඇති.
ස්තූතීයි සහොදරයා අපිව දැනුවත් කරාට...
දැන් නං ආප්ප කන්නත් බයයි...
mamath meeka danagena hitiya..sthuthi!
Post a Comment