Saturday 6 December 2008

ඩයලොග් ටීවී සහ ඇන්දෙත පාරිභෝගිකයා



CBN Sat ඩයලොග් ටීවී බවට පරිවර්ථනය වීමෙන් පසු රු. 100, රු. 500, රු 900, සහ රු. 1,400 ක ප්‍රීමියම් පැකේජයක් හදුන්වා දුන් අතර එවිට පවසන ලද්දේ ඉදිරියේදී එකතු වන සෑම චැතලයක්ම රු. 1,400 පැකේජය වෙත නිරායාසයෙන්ම එකතු වනු ඇති බවයි.
එය අපේ රටේ දේශපාලකයින් දෙසන ආකාරයේම බින්නයක් කරමින් මෑතකදී අළුත් ප්‍රීමියම් පැකේජයක් රු. 1,949 කට එළිදක්වන ලදී . දැන් අළුත් සෑම චැනලයක්ම එක් වන්නේ එයටය. ( බූමරෑන්ග් හැර).
ඩයලොග් සමාගම අපට මේ පවසා සිටින්නේ කුමක්ද?
තවත් රු. 549ක් ගෙවා අළුත් වන ලෙසද?
එවිට තව ටික දවසකින් රු. 2,500 ක හෝ 3,500ක ප්‍රීමියම් පැකේජයක් යයි හදුන්වමින් තවත් අපව අනාගතයට ගෙන යනු ඇත.
මබේ අදහස් දෙන්න.

මගේ අදහස ඩයලොග් සමාගමට කිරීමට ඇත්තේ දැනට පවතින චැනල සංඛ්‍යාව එක් එක් චැනලයට සුදුසු පරිදි මිලක් නියම කර (එකතුව රු. 1949 නොඉක්මවන ලෙස) තමන්ට අවශ්‍ය චැනල තෝරා ගැනීමට පාරිභෝගිකයාට ඉඩ සැලැස්වීමයි. අමතරව සෑම පාරිභෝගිකයෙක්ගෙන්ම රු. 100 ක හෝ රු. 150ක ස්ථාවර මාසික ගාස්තුවක් අය කළ යුතු අතර එවිට පාරිභෝගිකයාටද අනවශ්‍ය චැනල ටිකක් තමන්ගේ චැනල ලිස්ට් එකේ පුරවා නොගෙන අත්‍යාවශ්‍ය චැනල වලට පමණක් ගෙවීම් කරමින් නැරඹිය හැක.

7 අදහස් උදහස්:

Chanaka Aruna Munasinghe said...

මමනම් කියන්නෙ අපි එකත් එක්ක හෙජින් ගිවිසුමකට යන්න ඔඅනෙ කියල .

Harshana said...

ඩයලොග් ගැන කතා කරන්න එපා, මොකද ඔය ‍කම්පැනි ‍එකේ සර්විසස් අන්තිමයි,

Chanaka Aruna Munasinghe said...

can you please remove the word verification for comments. ඒක මාර වාතයක්

Anonymous said...

මම නම් ඔය නිසාම තමයි, DishTV බාවිතා කරන්නේ. :D

ඩයලොග්TV පාඩු පිට යනවා කියලා තමයි දැනගන්න ලැබුනේ, ඒක නිසා මේ අය එන්න එන්නම ගාන වැඩි කරන එක තමයි කරන්නේ.

මේක අසාදරනයි තමයි.

Anonymous said...

මොකො බන් ඩයලොග් ගන්නෙ? එක මහ හෙනගහන කොම්පෑනියක්?
උන්ට ඌන සල්ලි විතරඉ.

Anonymous said...

මොකො බන් ඩයලොග් ගන්නෙ? එක මහ හෙනගහන කොම්පෑනියක්?
උන්ට ඌන සල්ලි විතරඉ.

Narada said...

ඉතිං ඇයි ඉන්ටර්නේට් එකේන් බලන්නේ නැත්තේ? එක තමා හොංඳම විදිහ ඉල්ලන් කන්නේ නැතිව වැඩ කර ගන්න පුලුවන්...