Monday, 1 November 2010

ටෙලිකොම් ADSL අළුත්ම පැකේජ

SLT අය කලින් තිබුනු ADSL පැකේජත් එක්කම පුංචි වෙනස්කම් කීපයකුත් එක්ක අළුත් පැකේජයන් කීපයකුත් හදුන්වා දීලා තියෙනවා. වැඩි විස්තර මෙතනින් බලා ගන්න. ඒවා Familly ,Flat Rate, Express ලෙස කාණ්ඩ කර තිබෙන අතර Express පැකේජයන් වලට සීමාවන් පනවා තිබේ.

Monday, 10 May 2010

Norton Internet Security 2010 දින 60කට නොමිලේ ලබා ගන්න

මගේ Kaspersky IS 2009 expire වෙන්න තව දවස් කීපයක් නිසා ත් මේ දවස්වල අතමිට ටිකක් අමාරු නිසාත් කල්පනා කලා මොකද මගේ කොම්පියුටරේ ආරක්ෂාවට කරන්නේ කියලා. මොකද මගේ ඹෆීස් කොම්පියුටර් වලට ගහන පෙන් වල දාහක් වෛරස් මගේ එකට එන මග අවහිර කරන්නම එපායැ.Avaast, AVG වගේ ෆ්‍රී එකක් දාන්නත් කල්පනා කලා. ඒත් මගේ හිත ටිකක් බයයි ඒවා ෆ්‍රී වර්ෂන් නිසා පූර්ණ ආරක්ෂාවක් නැති වෙයි කියලා.
ඹහොම ඉන්නකොට තමයි මේ චාන්ස් එක වැදුනේ Norton Internet Security 2010 දින 60ක කාලයකට ෆ්‍රී .
දින 60ක් වෙනකොට මට රෙජිස්ටර් ඇන්ටි වෛරස් එකක් ගන්න පුළුවන් වේවි එතකම් මෙක ලොකු දෙයක්.

ඔයාලටත් ඕනනම් මෙන්න ලින්ක් එක Norton Internet Security 2010.

ඒ එක්කම වඩා හොද ඇන්ටි වෛරස් වැඩසටහන මොකක්ද කියලා ඔයගොල්ලන්ගේ අදහසුත් දාලා යන්න අමතක කරන්න එපා.

Wednesday, 28 April 2010

Kaspersky Internet security 2009 වසර 7කට ලයිසන් දෙයි


පිස්සු හැදෙනවා මේවට. වෛරස්, ස්පයිවෙයා, ට්‍රොජන්ස්, නෙට්වර්ක් ඇටැක් මෙකී නොකී බහුබූත සේරගෙන්ම බේරෙන්න හිතාගෙන ගත්තා Kaspersky Internet security 2009 3User for 1Year. ගත්තේ 2009/මැයි මාසෙ දැන් ලයිසන් එක කල් ඉකුත් වෙන්න ලග නිසා බැලුවා ලයිසන් එක. පැණි වරකා ගහටත් හෙන ගැහැව්වලු Expire Date 20/05/2010 තව දවස් තියෙනවළු 2330ක්. ඒ කියන්නේ තව වසර 6.38 ක්. භාවිත කල කාළයත් සමග බැළුවොත් වසර 7කටත් වැඩියි. පින්තූරය බලන්න.

කොච්චර ප්‍රසිද්ධ සොෆ්ට් වෙයා වුනත් මේ වගේ විහිළු බග්ස් තියෙනවද කියලා බලන්නකෝ. ඉතින් අපට අපගේ කොම්පියුටර් වලට දෙය්යන්ගේම පිහිටයි. ඔබගේද අදහස් දක්වන්න.

Thursday, 25 February 2010

බයිස්කෝප් සිංහලෙන් එකේ රසික යාළුවන්ට මගෙන් තෑග්ගක්..!


බයිස්කෝප් සිංහලෙන් එකේ යාළුවො මහන්සි වෙලා හදන සිංහල සබ් ටයිට්ල්ස් වල නියම ප්‍රයෝජනය ගන්න නම් ඒ ෆිල්ම් එක සිංහල සබ් එක්කම හෝම් තියටර් හරි DVD Player+TV එකකින් හරි බලන්න තියේනම් කොච්චර හොදද නේද?

මම අද ඉදිරිපත් කරන මේ සොෆ්ට් වෙයා එකින් පුළුවනි ඒ විදියට ඩීවීඩී එකක් බර්න් කරන්න. මේක ෆ්‍රී වෙයා එකක්.ඒ වුනත් සුපිරි මෘදුකාංගයක්. DVD Flick තමයි මේ සොෆ්ට් ‍‍වෙයා එක. මේ තියෙන්නේ තිර පිටපතක්.හැබැයි මේක භාවිතා කරලා ඩීවීඩී ගහලා පිටකොටුවේ බිස්නස් කරලානම් අහු වෙන්න එපා.. ළමයි

මෙන්න ඩව්න්ලෝඩ් ලින්ක් එක. DVDFLICK

මේ සොෆ්ට් වෙයා එක ගැන වැඩි විස්තර Details