Wednesday, 3 February 2010

උබුන්ටු 9.10 මත Ubudsl පිහිටුවීම/අළුත් සංස්කරණයක්

  • හුග දෙනෙකුට තියෙන ගැටළුවක් තමසි උබුන්ටු 9.10 මත Ubudsl පිහිටුවීම. මීට කලින් සංසදයේ සහෝදරයෙක් මේ පිළිබදව ලියලා තිබුනට ඒ ක්‍රමය ට්කක් සංකීර්ණ වැඩි යි වගේ නිසා මා අන්තර්ජාලයෙන් සොයාගත් උබුඩීඑස්එල් අළුත්ම සංස්කරණයක්ඉදිරිපත් කරමි.

  • මෙම Ubudsl සාමාන්‍යයෙන් උබුන්ටු 9.04දී වගේම කිසිම කරදරයක් නැතිව පිහිටුවා ගත හැකිය.

  • නමුත් පෙර කී පරිදි මීට කලින් සංසදයේ සහෝදරයා කිවූ ක්‍රමයේ පරිදි මෙන්ම මෙම ක්‍රමයේදීත් මට ZXDSL 852 මෝඩමය පිහිටුවා ගත හැකි වුනාත් මෝඩමයේ පවර් බල්බය දැල්වීම හෝ Synchronize වීම සිදු නොවේ.

  • එම නිසා ADSL මෝඩම් තියෙන අය මේ ක්‍රමය අත්හදා බලා කමෙන්ට්ස් දාන්න.
  • ආ...අමතක වුනා මේ ෆයිල් එක මුලින් ම උඩුගත කළ ඊ ලෝකයේ මිතුරාණනි ඔබට ජය!

බාගත කිරීමට මෙතන කොටන්න Ubudsl for Karmic Kola(Ubuntu 9.10)

Thursday, 31 December 2009

GOOGLE Wave ආරාධනා ඹ්නද?

GOOGLE Wave ආරාධනා ඕන අය ඉන්නවනම් Gmail ඊ මේල් ලිපිනයත් සමග comment කරන්න.
තව 8ක් ඉතිරිව තිබේ.


Monday, 28 September 2009

ලංකාවට නැවතත් එංගලන්තයේ පිහිට පමණි


කලබල වෙන්න එපා . මම මේ කියන්නේ අයි.සී.සී. චැම්පියන්ස් කුසලානේ ගැන. ශ්‍රී ලංකාවට අර්ධ අවසන් පූර්ව වටයට යන්න නම් ඉතිරි වී ඇති එකම අවස්ථාව හෙට පැවැත්වෙන එංගලන්තය හා නවසීලන්තය අතර තරගයේදී (අපේ මිතුරු) එංගලන්තය නවසීලන්තය වැඩි ලකුණු ගණනකින් හෝ අඩු ඕවර සංඛ්‍යාවකින් හඹා ගොස් ජය ගැනීම පමණයි. එංගලන්තයට ජය වේවා!


ප.ලි. (එංගලන්තයට ජය වේවා!)මම දේශද්‍රෝහියෙක් ලෙස ගණන් නොගන්න

Sunday, 13 September 2009

තරම මනින්න මීටරයක්



අන්තර්ජාලය භාවිත තරන ‍බොහෝදෙනා තමන් භාවිතා කරන දත්ත සහ කාළය ට ගෙවීම් කරන නිසා එම ප්‍රමාණයන් මැන ගැනීමට විවිධ ක්‍රම භාවිතා කරනවානේ. ඉතින් මෙන්න මට ලැබුනු ඉතාම හුරැබුහුටි දත්ත මීටරයක්. මෙහි විශේෂත්වය තමයි බ්‍රව්සරයේ ‍ටයිටල් බාර් එක මත නිතරම සක්‍රීයව පැවතීම. (එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් එක මත). මෙන්න ලින්ක් එක . මේක පොඩි සොෆ්ට්වෙයා එකක්.