Monday, 8 December 2008

ජාතික සමගිය ඇති කරමු

බලය බෙදීම (හොදද මන්දා)
දකුණු පළාත - මහින්ද මැතිතුමා
බස්නාහිර පළාත- රනිල්
මැතිතුමා
උතුරු පළාත- ප්‍රභාකරන්
මැතිතුමා
නැගෙනහිර පළාත- හකීම්
මැතිතුමා/ ෆෙරියල් මැතිණිය
මධ්‍යම පළාත- තොණ්ඩමන්
මැතිතුමා
ඌව පළාත- වන්නියලැත්තෝ(වැදි නායක)
මැතිතුමා
වයඹ පළාත- ජයලත් ජයවර්ධන
මැතිතුමා
සබරගමුව පළාත- සෝමවංශ
මැතිතුමා
උතුරු මැද පළාත- ඹේදානන්ද හිමි

මේ නව දෙනාගේ වැඩි කැමැත්තෙන් අගමැති/ජනපති තෝරනු ලැබේ.

Saturday, 6 December 2008

ඩයලොග් ටීවී සහ ඇන්දෙත පාරිභෝගිකයා



CBN Sat ඩයලොග් ටීවී බවට පරිවර්ථනය වීමෙන් පසු රු. 100, රු. 500, රු 900, සහ රු. 1,400 ක ප්‍රීමියම් පැකේජයක් හදුන්වා දුන් අතර එවිට පවසන ලද්දේ ඉදිරියේදී එකතු වන සෑම චැතලයක්ම රු. 1,400 පැකේජය වෙත නිරායාසයෙන්ම එකතු වනු ඇති බවයි.
එය අපේ රටේ දේශපාලකයින් දෙසන ආකාරයේම බින්නයක් කරමින් මෑතකදී අළුත් ප්‍රීමියම් පැකේජයක් රු. 1,949 කට එළිදක්වන ලදී . දැන් අළුත් සෑම චැනලයක්ම එක් වන්නේ එයටය. ( බූමරෑන්ග් හැර).
ඩයලොග් සමාගම අපට මේ පවසා සිටින්නේ කුමක්ද?
තවත් රු. 549ක් ගෙවා අළුත් වන ලෙසද?
එවිට තව ටික දවසකින් රු. 2,500 ක හෝ 3,500ක ප්‍රීමියම් පැකේජයක් යයි හදුන්වමින් තවත් අපව අනාගතයට ගෙන යනු ඇත.
මබේ අදහස් දෙන්න.

මගේ අදහස ඩයලොග් සමාගමට කිරීමට ඇත්තේ දැනට පවතින චැනල සංඛ්‍යාව එක් එක් චැනලයට සුදුසු පරිදි මිලක් නියම කර (එකතුව රු. 1949 නොඉක්මවන ලෙස) තමන්ට අවශ්‍ය චැනල තෝරා ගැනීමට පාරිභෝගිකයාට ඉඩ සැලැස්වීමයි. අමතරව සෑම පාරිභෝගිකයෙක්ගෙන්ම රු. 100 ක හෝ රු. 150ක ස්ථාවර මාසික ගාස්තුවක් අය කළ යුතු අතර එවිට පාරිභෝගිකයාටද අනවශ්‍ය චැනල ටිකක් තමන්ගේ චැනල ලිස්ට් එකේ පුරවා නොගෙන අත්‍යාවශ්‍ය චැනල වලට පමණක් ගෙවීම් කරමින් නැරඹිය හැක.

Friday, 5 December 2008

වර්ෂ 2011 ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාවට

ලෝකයේ පොහොසත්ම ක්‍රිකට් පාලක මණ්ඩලය වන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තම මුදල් බලය යොදවා දැන්මම වර්ෂ 2011 ක්‍රිනට් ලෝක කුසලානය ඉන්දියාවට ලබා ගැනීමේ සූක්ෂ්ම සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති අතර එයට ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන සෑම රටක්ම පාහේ හසුවී ඇති බවත් පෙනී යයි.

උපක්‍රම අංක 01:- පෙරලිකාර තරගාවලියක් ලෙස හුවා දක්වමින් ICL නම් අත යට ගේමක් ගසා ප්‍රබල කණ්ඩායම් දෙකඩ කිරීම සහ කණ්ඩායම් වල ජ්‍යෙෂ්ඨයින් බිලි බා ගෙන Game Tricks උකහා ගැනීම.

උපක්‍රම අංක 02:- IPL නම් නීත්‍යාණුකූල තරගාවලියක් ලෙස පෙන්වා මුදල් මගින් ලෝකයේ සෑම රටකම අති දක්ෂයින් සියල්ලම ඉන්දීය තණතිලි මතදී හැසිරීම නිරාවරණය කර ගැනීම. මෙයිත් අත්කරගත හැකි වාසිනම්

01. සියලුම ඉන්දීය තරුණ ක්‍රීඩකයන්ට ලබා දිය හැකි උපරිම අත්දැකීම් ප්‍රමාණය ලබාදීම .

02. ලෝකයේ සෑම ප්‍රබල ක්‍රීඩකයෙකුගේම දුර්වල ස්ථාන අධ්‍යනය කිරීම.

03. එකම රටේ ක්‍රීඩකයින් කණ්ඩායම් වලට බෙදා ඔවුනොවුන්ගේ ප්‍රබලතා සහ දුබලතා අණාවරණය කර ගැනීම.

ඉදින් 2011 ලෝක කුසලානය කාටද?

Thursday, 4 December 2008

ආයුබෝවන්!!!!

හෙට සිට මම අරඹනවා බ්ලොග් කරන්න. හැමෝටම ආරාධනා කරනවා.... මට සහය දක්වන්න කියලා.....