මගේ Kaspersky IS 2009 expire වෙන්න තව දවස් කීපයක් නිසා ත් මේ දවස්වල අතමිට ටිකක් අමාරු නිසාත් කල්පනා කලා මොකද මගේ කොම්පියුටරේ ආරක්ෂාවට කරන්නේ කියලා. මොකද මගේ ඹෆීස් කොම්පියුටර් වලට ගහන පෙන් වල දාහක් වෛරස් මගේ එකට එන මග අවහිර කරන්නම එපායැ.Avaast, AVG වගේ ෆ්රී එකක් දාන්නත් කල්පනා කලා. ඒත් මගේ හිත ටිකක් බයයි ඒවා ෆ්රී වර්ෂන් නිසා පූර්ණ ආරක්ෂාවක් නැති වෙයි කියලා.
ඹහොම ඉන්නකොට තමයි මේ චාන්ස් එක වැදුනේ Norton Internet Security 2010 දින 60ක කාලයකට ෆ්රී .
දින 60ක් වෙනකොට මට රෙජිස්ටර් ඇන්ටි වෛරස් එකක් ගන්න පුළුවන් වේවි එතකම් මෙක ලොකු දෙයක්.
ඔයාලටත් ඕනනම් මෙන්න ලින්ක් එක Norton Internet Security 2010.
ඒ එක්කම වඩා හොද ඇන්ටි වෛරස් වැඩසටහන මොකක්ද කියලා ඔයගොල්ලන්ගේ අදහසුත් දාලා යන්න අමතක කරන්න එපා.
Monday, 10 May 2010
Norton Internet Security 2010 දින 60කට නොමිලේ ලබා ගන්න
Wednesday, 28 April 2010
Kaspersky Internet security 2009 වසර 7කට ලයිසන් දෙයි
පිස්සු හැදෙනවා මේවට. වෛරස්, ස්පයිවෙයා, ට්රොජන්ස්, නෙට්වර්ක් ඇටැක් මෙකී නොකී බහුබූත සේරගෙන්ම බේරෙන්න හිතාගෙන ගත්තා Kaspersky Internet security 2009 3User for 1Year. ගත්තේ 2009/මැයි මාසෙ දැන් ලයිසන් එක කල් ඉකුත් වෙන්න ලග නිසා බැලුවා ලයිසන් එක. පැණි වරකා ගහටත් හෙන ගැහැව්වලු Expire Date 20/05/2010 තව දවස් තියෙනවළු 2330ක්. ඒ කියන්නේ තව වසර 6.38 ක්. භාවිත කල කාළයත් සමග බැළුවොත් වසර 7කටත් වැඩියි. පින්තූරය බලන්න.
කොච්චර ප්රසිද්ධ සොෆ්ට් වෙයා වුනත් මේ වගේ විහිළු බග්ස් තියෙනවද කියලා බලන්නකෝ. ඉතින් අපට අපගේ කොම්පියුටර් වලට දෙය්යන්ගේම පිහිටයි. ඔබගේද අදහස් දක්වන්න.
Thursday, 25 February 2010
බයිස්කෝප් සිංහලෙන් එකේ රසික යාළුවන්ට මගෙන් තෑග්ගක්..!
බයිස්කෝප් සිංහලෙන් එකේ යාළුවො මහන්සි වෙලා හදන සිංහල සබ් ටයිට්ල්ස් වල නියම ප්රයෝජනය ගන්න නම් ඒ ෆිල්ම් එක සිංහල සබ් එක්කම හෝම් තියටර් හරි DVD Player+TV එකකින් හරි බලන්න තියේනම් කොච්චර හොදද නේද?
Wednesday, 3 February 2010
උබුන්ටු 9.10 මත Ubudsl පිහිටුවීම/අළුත් සංස්කරණයක්
- හුග දෙනෙකුට තියෙන ගැටළුවක් තමසි උබුන්ටු 9.10 මත Ubudsl පිහිටුවීම. මීට කලින් සංසදයේ සහෝදරයෙක් මේ පිළිබදව ලියලා තිබුනට ඒ ක්රමය ට්කක් සංකීර්ණ වැඩි යි වගේ නිසා මා අන්තර්ජාලයෙන් සොයාගත් උබුඩීඑස්එල් අළුත්ම සංස්කරණයක්ඉදිරිපත් කරමි.
- මෙම Ubudsl සාමාන්යයෙන් උබුන්ටු 9.04දී වගේම කිසිම කරදරයක් නැතිව පිහිටුවා ගත හැකිය.
- නමුත් පෙර කී පරිදි මීට කලින් සංසදයේ සහෝදරයා කිවූ ක්රමයේ පරිදි මෙන්ම මෙම ක්රමයේදීත් මට ZXDSL 852 මෝඩමය පිහිටුවා ගත හැකි වුනාත් මෝඩමයේ පවර් බල්බය දැල්වීම හෝ Synchronize වීම සිදු නොවේ.
- එම නිසා ADSL මෝඩම් තියෙන අය මේ ක්රමය අත්හදා බලා කමෙන්ට්ස් දාන්න.
- ආ...අමතක වුනා මේ ෆයිල් එක මුලින් ම උඩුගත කළ ඊ ලෝකයේ මිතුරාණනි ඔබට ජය!
