

අන්තර්ජාලය භාවිත තරන බොහෝදෙනා තමන් භාවිතා කරන දත්ත සහ කාළය ට ගෙවීම් කරන නිසා එම ප්රමාණයන් මැන ගැනීමට විවිධ ක්රම භාවිතා කරනවානේ. ඉතින් මෙන්න මට ලැබුනු ඉතාම හුරැබුහුටි දත්ත මීටරයක්. මෙහි විශේෂත්වය තමයි බ්රව්සරයේ ටයිටල් බාර් එක මත නිතරම සක්රීයව පැවතීම. (එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් එක මත). මෙන්න ලින්ක් එක . මේක පොඩි සොෆ්ට්වෙයා එකක්.
Sunday, 13 September 2009
තරම මනින්න මීටරයක්
Sunday, 16 August 2009
පනින්න (මාරු කිරීමට)පෙර සිතා බලමු.
මේ මම කියන්න යන්නේ SLT ලගේ අළුත් V Talk පැකේජ ගැන. ඒ ගැන විස්තර මෙතනින් (SLT) .
ඉතින් මේකට අනුව ගොඩක් ලොකු බිල් එන අයටනම් රු. 250ක් ගෙවලා තමන්ට ගැලපෙන අළුත් පැකේජයකට මාරු වුනාට කමක් නැහැ. ඒත් පොඩි බිල් එන අයනම් මාරු වෙන්න ඉස්සර පොඩ්ඩක් ගණන් හදලා බලන්න.
තව වැදගත්ම SLT කට්ටිය සගවන කරුණ තමයි මෙතෙක් ගෘහස්ථ පාරිභෝගිකයන් සදහා හිමිවූ රු. 400 යේ වට්ටම නව පැකේජ සදහා නොමැති වීම.
Friday, 17 July 2009
1000 යි! 1000යි!
![]()
මගේ බ්ලොග් අඩවියට පැමිණි සංඛ්යාව 1000 ඉක්මවලා. මේ ගණන සුළු ගණනක් වෙන්න පුළුවන් සමහර බ්ලොග් දිහා බලනකොට.. ඒත් මට සතුටක් මාත් ඊ ලෝකයේ එක පුරැකක් වෙලා කියලා හිතනකොට
( විශේෂයෙන්ම මා දන්නා තරමින් මා සේවය කරන අංශයේ කෙනෙකු ලියන පළමු බ්ලොගය මෙය විය හැකියි......)
Thursday, 16 July 2009
Ms Office 2007 සිංහල අතුරු මුහුණතට Windows Vista ඕනමද?
www.microsoft.com/srilanka හි සදහන් ආකාරයට Ms Office 2007 සිංහල අතුරු මුහුණතට අවශ්ය මෙහෙයුම් පද්ධතිය Windows Vistaය.
නමුත් මාගේ අත් හදා බැලීම්අනුව මෙය Windows XP Service Pack 3හි මත ධාවනය Ms Office 2007ටද යොදා ගත හැක. (XP SP2 වලනම් බලන්න බැරි උනා.)
(Microsoft හිතුවා මදි අපට Vista විකුන්න........)
