Friday, 17 July 2009

1000 යි! 1000යි!


මගේ බ්ලොග් අඩවියට පැමිණි සංඛ්‍යාව 1000 ඉක්මවලා. මේ ගණන සුළු ගණනක් වෙන්න පුළුවන් සමහර බ්ලොග් දිහා බලනකොට.. ඒත් මට සතුටක් මාත් ඊ ලෝකයේ එක පුරැකක් වෙලා කියලා හිතනකොට
( විශේෂයෙන්ම මා දන්නා තරමින් මා සේවය කරන අංශයේ කෙනෙකු ලියන පළමු බ්ලොගය මෙය විය හැකියි......)

Thursday, 16 July 2009

Ms Office 2007 සිංහල අතුරු මුහුණතට Windows Vista ඕනමද?


www.microsoft.com/srilanka හි සදහන් ආකාරයට Ms Office 2007 සිංහල අතුරු මුහුණතට අවශ්‍ය මෙහෙයුම් පද්ධතිය Windows Vistaය.

නමුත් මාගේ අත් හදා බැලීම්අනුව මෙය Windows XP Service Pack 3හි මත ධාවනය Ms Office 2007ටද යොදා ගත හැක. (XP SP2 වලනම් බලන්න බැරි උනා.)
(Microsoft හිතුවා මදි අපට Vista විකුන්න........)

හදන්නත් කළින් නරක්වන පාන් ගෙඩිය


මෙහි සදහන් ආකාරයට මෙම පාන් ගෙඩිය නරක් වන්නේ නිපදවීමටත් මාස 11කට ප්‍රථමයෙනුයි.

නි. දිනය :- 28 DEC 2008

කල් ඉකුත් දිනය :- 29 JAN 2008

මාරයි නේද?
මේක කාටවත් අපහාසයක් එහෙම කරන්න නෙමෙයි. වෙලා තියෙන්නේ මට හිතෙන විදියට කල් ඉකුත් දිනය ගහද්දි 2009 වෙනුවට ගහලා තියෙන්නේ 2008.
නමුත් මට තියෙන ගැටළුව මොන පාන් ගෙඩියක්වත් මාසයක් කල් තබාගන්න පුළුවන්ද කියලයි.

Monday, 6 July 2009

අළුත් ඇදුමක් ඇන්දවූ පරණ සර්ච් එන්ජිම


Google ලාට තරගයක් දෙන්න වින්ඩෝස් ලයිව් කට්ටිය හදපු අළුත්ම සර්ච් එන්ජිම තමයි මේ.
තරමක් ආකර්ශණිය වගේම පහසුකම් අතිනුත් ටිකක් හොදයි වගේ. ට්‍රයි කරලා බලන්න.
මෙන්න ලින්ක් එක.

www.bing.com