Saturday 6 December 2008

ඩයලොග් ටීවී සහ ඇන්දෙත පාරිභෝගිකයා



CBN Sat ඩයලොග් ටීවී බවට පරිවර්ථනය වීමෙන් පසු රු. 100, රු. 500, රු 900, සහ රු. 1,400 ක ප්‍රීමියම් පැකේජයක් හදුන්වා දුන් අතර එවිට පවසන ලද්දේ ඉදිරියේදී එකතු වන සෑම චැතලයක්ම රු. 1,400 පැකේජය වෙත නිරායාසයෙන්ම එකතු වනු ඇති බවයි.
එය අපේ රටේ දේශපාලකයින් දෙසන ආකාරයේම බින්නයක් කරමින් මෑතකදී අළුත් ප්‍රීමියම් පැකේජයක් රු. 1,949 කට එළිදක්වන ලදී . දැන් අළුත් සෑම චැනලයක්ම එක් වන්නේ එයටය. ( බූමරෑන්ග් හැර).
ඩයලොග් සමාගම අපට මේ පවසා සිටින්නේ කුමක්ද?
තවත් රු. 549ක් ගෙවා අළුත් වන ලෙසද?
එවිට තව ටික දවසකින් රු. 2,500 ක හෝ 3,500ක ප්‍රීමියම් පැකේජයක් යයි හදුන්වමින් තවත් අපව අනාගතයට ගෙන යනු ඇත.
මබේ අදහස් දෙන්න.

මගේ අදහස ඩයලොග් සමාගමට කිරීමට ඇත්තේ දැනට පවතින චැනල සංඛ්‍යාව එක් එක් චැනලයට සුදුසු පරිදි මිලක් නියම කර (එකතුව රු. 1949 නොඉක්මවන ලෙස) තමන්ට අවශ්‍ය චැනල තෝරා ගැනීමට පාරිභෝගිකයාට ඉඩ සැලැස්වීමයි. අමතරව සෑම පාරිභෝගිකයෙක්ගෙන්ම රු. 100 ක හෝ රු. 150ක ස්ථාවර මාසික ගාස්තුවක් අය කළ යුතු අතර එවිට පාරිභෝගිකයාටද අනවශ්‍ය චැනල ටිකක් තමන්ගේ චැනල ලිස්ට් එකේ පුරවා නොගෙන අත්‍යාවශ්‍ය චැනල වලට පමණක් ගෙවීම් කරමින් නැරඹිය හැක.